Friday, January 23, 2015
වංචාකාර පෙම්වතියගේ බූට් එක (Amateur Cheating Girlfriend)
අද උදේම උඩ ගිහින් ඇහැරුනේ කකුල් දෙක vibrate වෙනවා දැනිලා.ඊයේ රෑ phone එකත් අතේ තියෙද්දීම නින්ද ගිහිල්ලා.රෑ මොන හීන දැක්කද මන්දා මමත් නොදැනීම phone එක කකුල් දෙක ළඟ.මොන පයන්නෙක් උදේම කෝල් කරනවද දන්නෙ නැහැ කියල හිතපු මම phone එක රින්ග් වෙන්න ඇරලා නිකන් හිටියා.පොඩ්ඩක් නින්ද යාගෙන එද්දිම ආයෙත් මේ මගුල රින්ග් වෙනවා.මොන හු*#*#*#** මුන්ගේ අ***#### කියල හිතින් හිතාගෙන ඉවර වෙලා මම නිදිමතේම ඇඳ පුරා අතගාල phone එක හොයා ගත්ත.නිදිමතේම display එක දිහා බලද්දී කෝල් කරන්නේ මගේ සුපිරිම බොක්කක් තේරෙන බාසාවෙන් කිව්වොත් brother from another mother කියන්නේ,අන්න ඒ වගේ එකෙක්.මුට අපි නුවන් කියල කියමුකෝ.
අපි දෙන්න මුලින්ම සෙට් උනේ 6 වසරේදී එදා ඉඳන් අද වෙනකන් පට්ටම සහෝදර බැඳීමක් තමයි අපිට තියෙන්නේ.මම සං ගාල phone එක answer කරා, පිස්සුද හු*#*#* උදේම කෝල් කරන්නේ ?? උඹට නින්ද යන්නෙ නැද්ද ?? මම කියාගෙන ගියා,එහා පැත්තෙන් නෝ ආන්සර්,මම ආයෙත් hello කිව්වා,ඊට පස්සේ කෙඳිරිලි හඬකින් යාළුවා මොනවදෝ කිව්වා,මොනවද බන් කෙඳිරි ගාන්නේ හයියෙන් කියපන්කො,ඊට පස්සේ මු අඬන්න වගේ කියපි මචං නිලූට වෙන කොල්ලෙක් ඉන්නවලු(නිලූ කියන්නේ මුගෙ කෙල්ල).නෑ........කියල උඩට ඇදපු හුස්ම පහලට දාගන්න බැරුව මම ගල් උනා.මගේ චේන් පැන්න.මම ඇහුව උඹ කොහෙද මචං ඉන්නේ කියපන් මම ක්ෂණිකව එන්නම් කියල,මම අහවල් තැන ඉන්නේ ඌ කිව්වා,එළ මම සං ගාලා එන්නම්, මම කෝල් එක කට් කරා.මාව තවම කරකවල අත්හැරිය වගේ.මේ වෙලාවට නැති යාලුකන් මොකටද කියල මම දඩ බඩ ගාල ලැස්තිවෙලා පොරව හම්බවෙන්න ගියා.
යන ගමන් මට කල්පනා උනෙත් මුන් දෙන්නගේ epic ආදර කතාව.අවරුදු වලින්ම 6 ක් වෙනවා ඉතිහාසෙට.කොල්ල ගියේ මිශ්‍ර පාසලකට,පාසලේ සයන්ස් ඩේ එක දවසේ ගීතයක් ගායනා කීරීම සඳහා ඕගන් වාදනය කරන්න අපේ කොල්ල ගිහිල්ලා. ඔන්න ඔය සින්දුව කියන්න ආපු කෙල්ල(නිලූ) අපේ කොල්ල මේකිව දැකපු ගමන් උට සමනල්ලු පියාඹනවා,දේදුනු පායනවා වයලින් ගහනවා මේවා ඔක්කොම මු දැකලා,ඇහිලා.කෙල්ල කියල තියෙන්නෙත් titanic චිත්තරපටියේ තේමා ගීතය,ඒකෙත් හැටි කිව්වලු.මම නම් තවම එක කෙල්ලෙක්ට මැරීගෙන ආදරේ කරලා නෑ.මමයි නුවනුයි ගියේ එකම පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඒ අවරුදු හතරෙන් දෙකක්ම අපි දෙන්න හිටියේ එක කාමරේ, ඒ කාලේදී මු ලව් කරපු හැටි මගේ මේ ඇස් දෙකෙන්ම මම දැකලා තියනවා.උදේට නැගිටින්නෙයි,රෑට නිදියන්නෙයි කෙල්ලට කොල්කරගන,ඒ අතරත් sms හැට හුට හමාරක් විතර යවනවා.හැම සති අන්තෙම කෙල්ල හම්බවෙන්න ගෙදර ආවා.ආය වැල් වටාරම් ඕනි නැහැ කොල්ල බැහැලාම ලව් කරා.මේ ඔක්කොම අහල දැකලා තිබ්බ මට මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා කියපුවම චේන් පනින එක අහන්න දෙයක්ය??
මම අදාල තැනට යන විට පොර බිම බලාගෙන අනිමිස ලෝචන පූජාවේ කරනවා.මම ලඟට ගිහින් උරහිසට තට්ටුවක් දැම්ම,කොල්ල හෙමින් ඔලුව උස්සල මංදිහා බැලුව, මට නිකං පිස්සු වගේ, උගේ මුණ කළු වෙලා ඇස් දෙක රතුවෙලා වෙනද මාව දැකපු ගමන් හිනාවෙලා කියන කට හැකර කථා,කුණුහරප මොකුත් අද නැහැ.මට මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා.මගේ හිතට ආවේ එකම දෙයයි මම ඒක කියල දැම්ම.යමු මචන් බියර් එකක් ගහන්න.. කොල්ල සැර ජාති ගන්නේ නැහැ බියර් විතරයි,අහිංසකය.ඔන්න අපි බියර්,සිගරට්(මට බොන්න) පොටෙටෝ චිප්ස් ඕඩර් කරලා ගේනකන් ඉන්නවා.මූ කතාව පටන් ගන්නකන් මම බලන් ඉන්නවා.............මූ කථා කරන පාටක් නැහැ.දැන් බියර් එහෙමත් ගෙනාව චියස් කියල එක උගුරක් බීලා මම සිගරට් එකක් පත්තු කරා.මූ කථා කරන පාටක් නැහැ ඒ නිසා මම කිව්වා
ගනන් ගන්න එපා බන් ඕව ඔහොම තමයි.මූ බියර් එකෙන් තව උගුරක් බීලා කතාව පටන් ගත්ත,
කව්ද හිතුවේ බන් එයා(කෙල්ලට එකී මේකි වත් කියන්නේ නැහැ) මෙහෙම කරයි කියල මූ හෙන අව්ලෙන් කිව්වේ,කටහඬත් වෙව්ලනවා වගේ,කෙල්ල උදේම කථා කරලා මුට කියල එයාට තවත් මේක කරගෙන යන්න බැහැ කියල මූ බලලා ගහෙන් ගෙඩි එන්න වගේ මොනවද මේ කියවන්නේ කියල.කොල්ල තව වධ කර කර අහද්දී තමයි මෙකි කියල තියෙන්නේ වෙන කොල්ලෙක් ඉන්නව කියල.මට මල පැන්න ඒක අහල මේකිව මරන්න එපැයි පට්ට ඩේසි මම කටට ආපු ටික එහෙම්ම කියල දැම්ම.මට මෙහෙම තරහ යනවනම් ඌ ඉන්න තත්වය මට හිතාගන්න පුළුවන් උනා.ඒත් පොර ඒවා ඔක්කොම හිතේ තියාගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන විදිය මට හිතාගන්න බැහැ.හුඟ දෙනෙක් වගේ තරහින් පුපුර පුපුර කෑගහන්නෙවත්,හොටු පෙර පෙර අඬන්නේ වත් ඒ මොනවත් ඌ කරේ නැහැ.එක්කෝ ඌ තවම කෙල්ල ගිය කම්පනයෙන් මොකුත් කියාගන්න බැරුව ඉන්නවා ඇති.
ඌ කියපු කථාව ඔක්කොම කියන්න ගියොත් ලිපිය දිග වැඩි වෙන නිසා මම ඉතුරු ටික කෙටියෙන් කියල දාන්නම්.කොල්ල මට කියපු විදිහට
නම් මේක නිසා තමයි කෙල්ල මුව අත ඇරලා වෙන එකෙක් එක්ක සෙට් වෙලා තියෙන්නේ,
කැම්පස් එකේ අන්තිම අව්රුද්දේ අපිට වෘත්තීමය පුහුණුව සඳහා ආයතනයකට යන්න ඕනි නේ,එතකොට ඉතින් ලෙක්චර්ස් තියෙන්නේ සති අන්තේ තමයි.ඉතින් නුවනුත් වෘත්තීමය පුහුණුව ලබාගන්න ආයතනයකට ගියා,සති අන්තේ ලෙක්චර්සසුත් ගියා,ටිකෙන් ටික කොල්ල බිසී උනා,ගෙදර යන එන එකත් අඩු වේවී ගිහින් නැවතිලම ගියා.phone එකෙන් තමයි ලව් එක ඇදල තියෙන්නේ.ඒ කියල කොල්ල වෙනසක් කරලා නැහැ වෙනදාටත් වඩා කෝල් කරලා,මැසේජ් කරලා වෙනද වගේම ලව් එක ගලාගෙන ගිහිල්ලා.දැන් මාස දෙකක ඉඳන් නුවන් ඉස්සර වගේම මේකිව හම්බවෙන්න ඇවිල්ලා,කිසිම අව්ලක් තිබිල නැහැ.දැන් සතියක ඉඳන් කෙල්ල පොඩ්ඩක් කෝල් කරනවා අඩුයි ලු,වැඩි කථා බහක් කරේ නැල්ලු.අද උදේ තමයි මේ ඩේසි එකපාරටම ඔක්කොම කියල දාලා තියෙන්නේ.
මේ කොල්ල මේක බඳින්නම කරපු ලව් එකක්.මම ඒක හොඳටම දන්නවා.මම නම් හිතන විදිහට මේක උනේ උගේම හොඳට ඇයි යකඩෝ බැන්දට පස්සේ මේ ගෑනි ඔහොම වෙන එකෙක් එක්ක ගියානම්.කෙල්ල කියන විදිහට මේක කෙළ වෙලා තියෙන්නේ මේක long distance relationship එකක් නිසාලු...අනේ මගේ කට.එයාට තෙරුනාලු අපේ කොල්ල එයාගෙන් ඈත් වෙලා යනවා කියලා.ඒ නිසා මෙයා මීට මාස හතරකට උඩදී වෙන කෙනෙක්ට ලං වෙලා,කොල්ලෝ දෙන්නම එක්ක මාස හතරකුත් ඉඳලා.long distance relationship පුක තමා.සමහර අයට පේන විදිහට කෙල්ල සාධාරණ වෙන්නත් පුළුවන්.අනේ මට නම් එහෙම පෙන්නේ නැහැ.
මීට වැඩිය මේ ගැන ලියන්න ගියොත් ලියවෙන්න කුණුහරප,දැන් ලිව්වා ඇති.හෙටත් උදෙන්ම කොල්ලව බලන්න යන්න ඕනි.long distance relationship තියන කට්ටිය පොඩ්ඩක් alert එකේ ඉන්න.
Subscribe to:
Post Comments (Atom)
සන්සුන් වෙන්න... සන්සුන් වෙන්න. කේන්තිය නිවාගන්න.
ReplyDeleteයාලුවගෙ එකට ඔහොම කෙන්ති ගියොත් ඔයාගෙ එකට යන්න කෙන්ති ඉතිරි නෙවේවි.
ඒක තමා මටත් හිතුනේ...බොහොම ස්තුතියි මේ පැත්තට ආවට...:D
ReplyDeletekellangeth baila ban.owada long distance love kiyanne.anna ratawal dekakawath innawanam kamak ne.math ea wage long distance love nam digata yanne ne kiyala dannawa
ReplyDeleteසිරාවට....කියන්න හේතු නම් ඕනි තරම්..ස්තුතියි මේ පැත්තට ආවට..
Deleteහෙහ් ඔවුවා ඉතින් ඔහිම තමයි.. ඉවසපන් ඉවසපන්..
ReplyDelete