Facebook එකේ තිබුන පොස්ටුවක් ආශ්‍රයෙන් තමයි මේ කවිය ලියුවේ. පොස්ට් එකක්වත් දාන්න වෙලාවක් නැහැ office එකේ වැඩ අස්සේ තමයි මේකවත් ලියා ගත්තේ.ඉක්මනටම මොනවහරි ලියන්න බලපොරොත්තු වෙනවා.
ඔබ මාව සිපගත්තා -
වසන්තයේ
ඇය මාව සිපගත්තා -
ගිම්හානයේ
ඔබත් නොවන ඇයත් නොවන
තවෙකෙක් ,
මා විනිවිදව යන්නට
බැලුවා පමණි
සිපගත්තේ නැත.
ඔබේ හාදුවේ රස - මැකුනා
වසන්තයේ අග
ඇගේ හාදුවේ රස - මැකුනා ගිම්හානයේ
අග
නමුත්,
දිවා රැ මසිත කළඹන
ඔබගේත් නොවන ඇයගේත් නොවන
ඒ බැල්ම