Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Wednesday, April 15, 2015

ඒ බැල්ම (That ogle)




Facebook එකේ තිබුන පොස්ටුවක් ආශ්‍රයෙන් තමයි මේ කවිය ලියුවේ. පොස්ට් එකක්වත් දාන්න වෙලාවක් නැහැ office එකේ වැඩ අස්සේ තමයි මේකවත් ලියා ගත්තේ.ඉක්මනටම මොනවහරි ලියන්න බලපොරොත්තු වෙනවා.


ඔබ මාව සිපගත්තා - වසන්තයේ
ඇය මාව සිපගත්තා - ගිම්හානයේ
ඔබත් නොවන ඇයත් නොවන තවෙකෙක් ,
මා විනිවිදව යන්නට බැලුවා පමණි
සිපගත්තේ නැත.

ඔබේ හාදුවේ රස - මැකුනා වසන්තයේ අග
ඇගේ හාදුවේ රස - මැකුනා ගිම්හානයේ අග
නමුත්,
දිවා රැ මසිත කළඹන
ඔබගේත් නොවන ඇයගේත් නොවන
ඒ බැල්ම




Wednesday, February 18, 2015

ආදරයේ පරිණාමය - Evolution of Love


පහු ගියා දවස් වල හෝ ගාල වැඩ තිබ්බ නිසා ලියන්න වෙලාවක් නැතුවයි හිටියේ.කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා එද්දී එතැනදී කතා උන මාතෘකාවක් ගැන කවි ටිකක් ලියන්න හිතුනා වෙනසක ටත් එක්ක.මම o/l වලින් පස්සේ ලියපු පලවෙනි කවි පන්තිය තමයි මේක.
බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂ කවියන් කිවිඳියන් මේක බලලා අඩු පාඩු පෙන්නලා දෙනවනම් ඉඳලා හිටලා කවියක් ලියන්න ඒක ගොඩක් උදව් වෙයි. 




දාසයයි මාසයයි - හරියටම වයස මගේ
නටු අගට කිරි උනන- හිරිමල් වු කාලයයි
පුද දෙන්න අකලංක,නොකිලිටි වූ- මගේ පෙම
සොයමි මම සුරඟනක් මෙන් රුවක් ඇති ලඳක්

දහ අටයි දැන් වයස - වගකීම් මහා ගොඩක්
සොයමි මම ප්‍රේමියක් -දැන උගත් ගුණ ලඳක්
ගොඩනගමි ඇය සමග සිහින කප්පර උසක්
සදා ඇත මියන තෙක් දිවිගෙවන සැලසුමක්

දැන් වයස විසි තුනයි - සරසවියේ දින ගෙවෙයි
නෙත් සිත්ද ගත පිනන අඟන සැම තැන සරයි
රුව නැතිද ගුණ නැතිද කිසිවක් මා නොම සොයයි
යට වනට මසිරුරට කැමතිනම් එපමනයි

දැන් වයස විසි අටයි- පිළිවෙලක් වනු හොඳයි
පිටු පුරා පුවත්පත් - දැන්වීම් පතුරවයි
පුද දෙන්න අකලංක,නොකිලිටි වූ- මගේ පෙම
සොයමි මම මැස්සෙකුඳු නොවැසු කන්‍යාවියක්