Thursday, January 22, 2015

ශ්‍රී ලාංකීය විකල්ප සංගීත ධාරාව

පොස්ට් එක ලියන්න කලින් කියන්න ඕනි මම මහා ලොකු සංගීත විශාරද කෙනෙක්වත් ගීත විචාරයෙහි කෙළ පැමිණි කෙනෙක්වත් නෙවෙයි.ඒත් මම සින්දු පිස්සෙක් ආය හොඳම පිස්සෙක් ගීටාර් එක ගහන්නත් කට්ට කාල ඉගෙන ගත්තේ එකයි. මෙම පොස්ට් එකේ අරමුණ වෙන්නෙ ශ්‍රී ලාංකීය විකල්ප සංගීතය ගැන තව එක්කෙනෙක් හෝ මට පුළුවන් විදිහට දැනුවත් කරලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් වන එම ශිල්පීන්ට මගේ උපහාරය පුද කිරීමයි.

විකල්ප ධාරාවේ ශිල්පීන් බොහෝවිට තමන්ගේ ගීතවලින් කථා කරන්නේ දේශපාලනය ගැන.මගේ නම් දේශපාලන දැනුම ඉතාම අල්පයි.ඒ නිසා ගොඩක් ඒවා මට තේරෙන්නේ නැහැ.ඒ ඇරුනම ආදරය,ජීවිතය,නිදහස(යුද්ධෙන් පස්සේ හම්බුන එක එහෙම නෙවයි )
ගැන සාමාන්‍යයෙන් අපි බලන කෝණයට වඩා වෙනස් විදිහට මෙම ශිල්පීන් බලලා තියෙනවා.ගොඩක් අයට නම් මෙම ගීත ගැන මුන් 
මොනවද මේ කියවන්නේ??,පිස්සු හු***ලා,මුන්ට සින්දු කියන්න පුලුවන්ද??  මුගෙ හැටි බලපන්....කුඩු කාරයෙක් වගේ...ෂුවර් එකටම මු නම් ගංජා ගහනවා කියල හිතෙයි.ඒ උනාට කටයි පුකයි වහගන ඉන්නවට වඩා ආර්ථික වාසි ගැනද නොසිතමින් ඔවුන් කරන්නේ සමාජ මෙහෙවරක් බව මගේ අදහසයි.දැන් ලංකාවේ බිහි වෙන බොහෝ ගීතත් කලින් බිහිවුන බොහෝ ගීතත් ප්‍රධාන ධාරාවට අවශ්‍ය ලෙස තමයි නිෂ්පාදනය වෙන්නෙ.ප්‍රධාන ධාරාවේත් මට පේන විදිහට ප්‍රබුද්ධ/සම්භාව්‍ය සහ එසේ නොවන ලෙස කොටස් දෙකක් තියනවා.මට පේන විදිහට නම් ලංකාවේ විකල්ප ධාරාව තුල සිදුවෙන්නේ ප්‍රධාන ධාරාවේ දි අවධානය යොමු වෙන ජනප්‍රියභාවය සහ මුදල් කියන සාධක වලට ප්‍රමුඛතාවය නොදී තමන්ගේ පණිවිඩය සමාජයට ගෙන යෑම.




මම කථා කරන්න යන්නෙ විකල්ප ධාරාවේ ශිල්පීන් කිහිප දෙනෙක් ගැන විතරයි.මීට අමතරව තව ගොඩක්අය ඉන්න පුළුවන්.

මගේ අදහස අනුව නම් සින්දුවේ වචන ටික කොච්චර පට්ට උනත් තනුව සහ ගායනය චොර නම් සින්දුව ෆේල්ය.මෙම ලිපියෙන් ගායනය,සංගීතය සහ පද රචනය යන සියල්ලටම සාධාරණයක් කරපු විකල්ප ධාරාවේ ගීත
ටිකක් සඳහන් කරන්නම්.

පලවෙනි ගීතය තමයි titanic නැව





මේ සින්දුව කියන්නේ චින්තක ගීතදේව සින්දුවේ අවසාන කොටසේ වචන ටික බලමුකෝ

රෝස් බත් කනවා… රෝස් නිදියනවා

සෙක්සි සාධුගෙ බණ අහන්නට අසපුවට යනවා


මේ සිංදුව සම්පූර්ණයෙන් අහල බලන්න ශ්‍රී ලාංකීය සමාජය තුල බොහෝ දෙනෙක් අත්විඳින නීරස විවාහ ජීවිතය ගැන තමයි මේකෙන් කියන්නේ. 

මෙම කලාකරුවගේම තවත් සුපිරි සින්දුවක් තියනවා ඒක තමා හැමතැනම මරුවැල්ය




හැමතැනම මරුවැල්ය..
නුරා නෙතු ගිනිදැල්ය //
ආත්මය පරඬැල්ව.. පයින් යන පොරවල්ය

විඩා පිරි මුවවල්ය
හිඟා කන අතවල්ය
අත නොපා අතපාන.. සිනා නැති පොරවල්ය
ඇට ගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්.. අරන් යන පොරවල්ය

මග දෙපස කොඩිවැල්ය
මුවසිනහ මනලොල්ය
ගාඞ් පිට ඇමතිවරු.. ඇදෙන හැටි ආතල්ය


කියවපු ගමන් තේරෙනවනේ පණිවිඩේ......අපි නිතර දෙවේලේ කතා කරන භාෂාව හරි ලස්සනට ගීතය රචනා කරන්න යොදාගෙන තියනවා.

ඊලඟ කලාකරුව නම් ඔය ගොල්ලෝ අහලත් ඇති එයා තමයි අජිත් කුමාරසිරි ඇත්තම කියනවනම් මෙයාගේ සමහර සින්දු මම නම් අහන්නේ නැහැ/අහන්න බෑ.අහන ඒවා ගැන කියන්නම්කො


පළවෙනි සින්දුව තමා ග්‍රීස් ගහ





බැලු බැල්මටම කොල්ලෙක් බූට් එකක් කාල කියන සිංදුවක් විදිහට පෙනුනට මේකෙන් තව ගොඩක් දේවල් අදහස් වෙනවා.කව්රුහරි මේ ගැන හොඳ විචාරයක් ලියයි කියලත් මම බලාපොරොත්තු වෙනව.


දෙවෙනි සිංදුව ඇවිල්ලා මල් පොකුරු අරන්




මේ සිංදුවේ සංගීතය ගැන යමක් කියන්නම ඕනි.දේශීය ගැමි සංගීතයේ ආභාෂය මේ සිංදුවේ දකින්න පුළුවන්, හරි ලස්සනට සංගීතය සංයෝජනය කරලා තියනවා.අජිත් ගේ අනිත් සින්දුවලට වඩා මේකේ සංගීත භාවිතාව හුඟක් වෙනස්.


මල් පොකුරු අරන් ආවත්
හඳ පානේම ඔබ ආවත්
යන්න වෙන්නෙ අර පාරෙම

තුන්වෙනි ලෝකයේ රටක් මේක.........


අජිත් ගේ තව සිංදු මෙතනින් ගියොත් බලන්න පුළුවන්.


ඊළඟ කලාකරුව නම් තරමක් ජනප්‍රියයි ඔහු තමා අමිල සඳරුවන්

අමිලගේ ජෝන් සීනා ගීතය හැමෝම අහල ඇති නේ,බලන්නකෝ එයාගේ මේ සින්දුව අහල තියනවද කියල ?



මේකේ නම සාමාන්‍ය ජනතාව


                                           



සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

ඊයේ වන තුරු මම විශ්වාස කළේ
ඇය උන් ළඟටවත් නොයයි කියා
මටත් හොරෙන් ඇය
උන්ට එකතු වෙලා

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව්
මට මතකයි ඉස්සර ඉඳන්
ඇය ආස කලේ
උන් ළඟටම යන්නටයි





අන්තිමටම කියන්න යන්නෙ මම ලඟදි අහපු rap සංගීතය තමන්ගේ පණිවිඩය සමාජයට කියන්න යොදාගත්ත කට්ටියක් ගැන,නම ඇවිල්ලා
Drill Team....rap ගැන මම වැඩි විස්තරයක් දන්නෙ නැහැ නමුත් මෙම කණ්ඩායම මීට පෙර ශ්‍රී ලංකාවේ මම දැකලා නැති විදිහේ rap සිංදු සුපිරි පද රචනා එක්ක ඉදිරිපත් කරනවා...

මෙතනින් ගිහිල්ලා ඔවුන්ගේ වැඩ බලන්න....


















5 comments:

  1. ඔන්න මචං එල්ල ගත්තා අප්ඩේට් වෙනවද කියල බලහං , තව අර ලාංකීය සින්ඩියටයි , මාතලන්ටයි කියහං , ඒ දෙකෙන් තමයි කට්ටිය ගොඩක් එන්නේ

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා.....මම එවටත් කියන්නම්........

      Delete
  2. හොඳ චොයිස් එකක්.. නමුත් ළිපිය දිග වැඩියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....දිගටම අඩුපාඩු පෙන්වා දෙයි කියල බලපොරොත්තු වෙනවා....

      Delete
  3. නියම සිංදු ටිකක් මචං....කලින් අහලා තිබු‍නේ නෑ එකක්වත්...
    අර ටයිටැනික් නැව සිංදුව නම් පට්ට....
    ප්‍රබුද්ධත්වයට එහා තවත් දුරට පාර තියෙනවා තමයි මචං...

    ReplyDelete