පහු ගියා දවස් වල හෝ ගාල වැඩ තිබ්බ නිසා ලියන්න වෙලාවක් නැතුවයි හිටියේ.කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා එද්දී එතැනදී කතා උන මාතෘකාවක් ගැන කවි ටිකක් ලියන්න හිතුනා වෙනසක ටත් එක්ක.මම o/l වලින් පස්සේ ලියපු පලවෙනි කවි පන්තිය තමයි මේක.
බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂ කවියන් කිවිඳියන් මේක බලලා අඩු පාඩු පෙන්නලා දෙනවනම් ඉඳලා හිටලා කවියක් ලියන්න ඒක ගොඩක් උදව් වෙයි.
දාසයයි මාසයයි - හරියටම වයස මගේ
නටු අගට කිරි උනන- හිරිමල් වු කාලයයි
පුද දෙන්න අකලංක,නොකිලිටි වූ- මගේ පෙම
සොයමි මම සුරඟනක් මෙන් රුවක් ඇති ලඳක්
දහ අටයි දැන් වයස - වගකීම් මහා ගොඩක්
සොයමි මම ප්රේමියක් -දැන උගත් ගුණ ලඳක්
ගොඩනගමි ඇය සමග සිහින කප්පර උසක්
සදා ඇත මියන තෙක් දිවිගෙවන සැලසුමක්
දැන් වයස විසි තුනයි - සරසවියේ දින ගෙවෙයි
නෙත් සිත්ද ගත පිනන අඟන සැම තැන සරයි
රුව නැතිද ගුණ නැතිද කිසිවක් මා නොම සොයයි
යට වනට මසිරුරට කැමතිනම් එපමනයි
දැන් වයස විසි අටයි- පිළිවෙලක් වනු හොඳයි
පිටු පුරා පුවත්පත් - දැන්වීම් පතුරවයි
පුද දෙන්න අකලංක,නොකිලිටි වූ- මගේ පෙම
සොයමි මම මැස්සෙකුඳු නොවැසු කන්යාවියක්
එල බං එල පට්ට
ReplyDeleteතෑන්ක් යු වේවා........කොල්ලෝ හිතන දේවල් තමා මේ...
Deleteහෙහ්, නියමයි..
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තට ආවට....!!!
Deleteඅඩෝ පට්ට මචං....සුපිරි
ReplyDeleteතෑන්ක් යු වේවා....බොහොම ස්තුතියි මේ පැත්තට ආවට....!!!
Deleteසොයමි මම මැස්සෙකුඳු නොවැසු කන්යාවියක්...
ReplyDeleteමරු....
එහෙම කෙනෙක් ද හොයන්නේ ?? :p :p :p
Deleteඅන්තිම පදේ නං මරු....
ReplyDeleteඅපේ කාලෙ ඉන්න අපි ත් සමහර විට දන්න බහුතරයකගෙ කතාවක් වගෙයි
හිහි
පට්ට
ජයෙන් ජයම වේවා
අපේ සමාජයේ ගොඩක් අය මේ වගේ තමයි...........
Deleteසුපිරි.........බං .....
ReplyDeleteදිගටම ලියහන්....
බොහොම ස්තුතියි!!!!!...
Deleteසුපිරි.........බං .....
ReplyDeleteදිගටම ලියහන්....
එලස් දිගටම ලියන්න මල්ලි
ReplyDelete