Wednesday, February 18, 2015

ආදරයේ පරිණාමය - Evolution of Love


පහු ගියා දවස් වල හෝ ගාල වැඩ තිබ්බ නිසා ලියන්න වෙලාවක් නැතුවයි හිටියේ.කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා එද්දී එතැනදී කතා උන මාතෘකාවක් ගැන කවි ටිකක් ලියන්න හිතුනා වෙනසක ටත් එක්ක.මම o/l වලින් පස්සේ ලියපු පලවෙනි කවි පන්තිය තමයි මේක.
බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂ කවියන් කිවිඳියන් මේක බලලා අඩු පාඩු පෙන්නලා දෙනවනම් ඉඳලා හිටලා කවියක් ලියන්න ඒක ගොඩක් උදව් වෙයි. 




දාසයයි මාසයයි - හරියටම වයස මගේ
නටු අගට කිරි උනන- හිරිමල් වු කාලයයි
පුද දෙන්න අකලංක,නොකිලිටි වූ- මගේ පෙම
සොයමි මම සුරඟනක් මෙන් රුවක් ඇති ලඳක්

දහ අටයි දැන් වයස - වගකීම් මහා ගොඩක්
සොයමි මම ප්‍රේමියක් -දැන උගත් ගුණ ලඳක්
ගොඩනගමි ඇය සමග සිහින කප්පර උසක්
සදා ඇත මියන තෙක් දිවිගෙවන සැලසුමක්

දැන් වයස විසි තුනයි - සරසවියේ දින ගෙවෙයි
නෙත් සිත්ද ගත පිනන අඟන සැම තැන සරයි
රුව නැතිද ගුණ නැතිද කිසිවක් මා නොම සොයයි
යට වනට මසිරුරට කැමතිනම් එපමනයි

දැන් වයස විසි අටයි- පිළිවෙලක් වනු හොඳයි
පිටු පුරා පුවත්පත් - දැන්වීම් පතුරවයි
පුද දෙන්න අකලංක,නොකිලිටි වූ- මගේ පෙම
සොයමි මම මැස්සෙකුඳු නොවැසු කන්‍යාවියක්


14 comments:

  1. Replies
    1. තෑන්ක් යු වේවා........කොල්ලෝ හිතන දේවල් තමා මේ...

      Delete
  2. හෙහ්, නියමයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ආවට....!!!

      Delete
  3. අඩෝ පට්ට මචං....සුපිරි

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යු වේවා....බොහොම ස්තුතියි මේ පැත්තට ආවට....!!!

      Delete
  4. සොයමි මම මැස්සෙකුඳු නොවැසු කන්‍යාවියක්...
    මරු....

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් ද හොයන්නේ ?? :p :p :p

      Delete
  5. අන්තිම පදේ නං මරු....
    අපේ කාලෙ ඉන්න අපි ත් සමහර විට දන්න බහුතරයකගෙ කතාවක් වගෙයි
    හිහි
    පට්ට
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අපේ සමාජයේ ගොඩක් අය මේ වගේ තමයි...........

      Delete
  6. සුපිරි.........බං .....
    දිගටම ලියහන්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!!!!!...

      Delete
  7. සුපිරි.........බං .....
    දිගටම ලියහන්....

    ReplyDelete
  8. එලස් දිගටම ලියන්න මල්ලි

    ReplyDelete