Wednesday, April 15, 2015

ඒ බැල්ම (That ogle)




Facebook එකේ තිබුන පොස්ටුවක් ආශ්‍රයෙන් තමයි මේ කවිය ලියුවේ. පොස්ට් එකක්වත් දාන්න වෙලාවක් නැහැ office එකේ වැඩ අස්සේ තමයි මේකවත් ලියා ගත්තේ.ඉක්මනටම මොනවහරි ලියන්න බලපොරොත්තු වෙනවා.


ඔබ මාව සිපගත්තා - වසන්තයේ
ඇය මාව සිපගත්තා - ගිම්හානයේ
ඔබත් නොවන ඇයත් නොවන තවෙකෙක් ,
මා විනිවිදව යන්නට බැලුවා පමණි
සිපගත්තේ නැත.

ඔබේ හාදුවේ රස - මැකුනා වසන්තයේ අග
ඇගේ හාදුවේ රස - මැකුනා ගිම්හානයේ අග
නමුත්,
දිවා රැ මසිත කළඹන
ඔබගේත් නොවන ඇයගේත් නොවන
ඒ බැල්ම




3 comments:

  1. ඒ බැල්ම.....
    ඒකම තමා හෙණේට හිටින්නේ.....
    පට්ට මචං.....

    ReplyDelete
  2. ඔවුවා කරුමෙට වැටෙන බැල්මවල් තමයි..

    ReplyDelete
  3. කොහොම හරි ලියමු.... ඒකයි වැදගත්... කොහොම වුණත් මේ පද ටිකක් අගෙයි

    ReplyDelete