Tuesday, January 27, 2015

සූස්තියක් කල හදියක්



 මේ අසමත්ජාති වැඩේ උනේ අපි දෙක වසර සිස්සයන් වෙලා ඉන්න කාලේ,දැන් කට්ටිය බලයි මුන් 2 වසරේදීත් ගංජා ගැහුවද කියල,මේක අපි කැම්පස් එකේ දෙක වසරේදී(2nd year) එකේදී වුන සීන් එකක්,කැම්පස් එකක් කිව්වට මේක පෞද්ගලික එකක් හරිය. ඔන්න ඉතින් හැමදෙනාගේම සියලු දෝෂ ධුරිංභූත වෙලා යන්න කියල හැම අව්රුද්දේම ශිෂ්‍ය සංගමෙන් පිරිතක් සංවිධානය කොරනවා.අපි දෙවන වසරේ ඉද්දිත් මේක ලැස්ති කරලා තිබ්බ.

අපිත් රෑ 7 විතර වෙද්දී චිකන් කොත්තුවක් එහෙම කාලා පේවිල පිරිත් අහන්න පිටත් උනා.මමයි මහේ අතිජාත රූමායි ගේට්ටුව ගාවට යන කොට අපේ අසමත්ජාති සෙට් එක ඔක්කොම වගේ ඇවිල්ලා,කට්ටිය සංකීර්ණ මුදල් ගනුදෙනුවක,කොටස් වෙළඳපොළ වත් මෙහෙම නැතුව ඇති.මාත් පොඩ්ඩක් ඔලුව දැම්ම අපේ batch එකේ  සුපිරිම බුලට් එකක් හෝ ගාල සල්ලි එකතු කරනවා.මාව දැකලා මගේ දිහාවට හැරුන පොර අඩෝ අසමත්ජාතියා පිරිත් පැන් ගේන්න සල්ලි දීපිය කිව්වා.මාත් ඉතින් කන බොන දේවල් වලට ලොස් නැහැනේ,අත පුරවල දීලා දැම්ම.දැන් සල්ලි එකතුවෙලා ඉවරයී සල්ලි එකතු කරපු බුලට් එක කෑගහනවා අඩෝ බයික් එකක් අරන් වරෙන් ඉක්මනට,තඩි බෑග් දෙකකුත් ගෙනෙන්.අපේ සෙට් එකෙත් අමුතුම ඩයල් තමා ඉන්නේ,ඔක්කොම වටවෙලා පිරිත් පැන් ගේන්න යන එකාට උපදෙස් දෙනවා.අඩෝ ගල් නම් ගේන්න එපා බන්,අඩේ සුදු ඒවා මොනොවහරි ගෙනෙන් බන් මම ඒවා විතරයි බොන්නේ,අඩෝ මේ සැන්ඩි වලට කෝක් ගෙනෙන් sprite එහෙම ගෙනාවොත් බලාගමු ආආආ....උපදෙස් කෝටීයයි.ඔන්න කොහොම කොහොම හරි බෝතල් ගේන්න දෙන්න පිටත් උනා.ඉතුරු නඩය පිරිත් ඇසීම සඳහා ක්‍රීඩාංගනය බලා පිටත් උනා,පිරිත් නම් තිබ්බේ ක්‍රීඩාංගනයෙ නෙමයි.  ක්‍රීඩාංගනය ළඟ තියන පළල් පඩිපෙළ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරටම යනකං කොල්ලෝ පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙනවා පිරිත් අහන්න.1 වසර සිට 4 වසර දක්වාම සියලු දෙනා සහෝදර බැඳීමෙන් බෝතල් වට කරගෙන තැනින් තැන සෙට් වෙලා.තැනින් තැන ඉඳහිට දුමකුත් දානවා.

ඔන්න අපිත් කෙළ හල හල බලාගෙන හිටපු පිරිත් පැන් ටික ආව.අපේ සෙට් එකේ ඔක්කොම 17 විතර හිටිය බොන උන් 12 හිටිය. බොන්න ගේන්න ගිය උන් old keg බෝතල් හතරක් ගෙනල්ල තිබ්බ,සැන්ඩි වලට sprite, වඩේ සහ කඩල තව ඉතින් නැතුවම බැරි රත්තරන් පත්තරේ ඔතන ලද සිගරට්.සුදු අරක්කු විතරක් බොන උන්ගේ මුණු කළුවෙලා කටට එන කුණුහරප කියාගන්න බැරුව උන් තරහයෙන් වෙව්ලනවා ඔය තරහ මරහ ඔක්කොම ඉතින් බෝතලේ කඩනකම් විතරයි.ඊට පස්සේ බොන මගුලේ සුදුද කළුද රතුද බලන්නේ නැහැ.බොන්න ගේන්න ගිය පොර මගේ ලඟට ඇවිල්ලා මගේ සාක්කුවට මොනවදෝ දැම්ම,අම්මෝ සිගරට් පැකට් එකක්.මාත් ඉතින් කට පුරා හිනාවෙලා එළ කියල කිව්වා.

දැන් ඉතින් පිරිතත් යනවා අපේ වැඩෙත් නැගල යනවා,අන්තිම බෝතලෙත් තව පොඩ්ඩ්යි තියෙන්නේ.කට්ටියටම හොඳ ගණන්,සමහරුනම් සමතලා වෙලා.එකපාරටම අපි වාඩිවෙලා හිටිය තැනට ආවා අපේ බොක්ක සීනියර් අයිය කෙනෙක්,පොර නම් කරටි කැඩෙන්න ගහල හිටියේ ඒ උනාට අපිත් ආගන්තුක සත්කාරේට බර කොල්ලෝ වෙච්චි මම කිව්වා..අයි..යා දා...මු තව..ෂොට් එකක්...ෆිට් එකනේ...අයියත් සිංහයා වගේ හරි..දා...පන් කිව්ව..මම කප් එකේ කට කපල ෂොට් එක වක්කරලා දුන්න.අයියත් ඇරලා දැම්ම එක පාරම,පොරගේ කට දෙපත්තෙන් අරක්කු බේරෙනවා,කාටද ඔය වගේ ෂොට් එකක් එක පාරම කටේ හලාගන්න පුළුවන්.අයිය යන්න කියල නැගිට්ට පොර හතර අතේ වැනෙනවා මම ඉතින් ඌව නිකන්ම යවන්න බැහැ නේ කියල සිගරට් එකකුත් පත්තු කරලා කටේ ගැහුවා.ඌ යන්න කලින් මගේ අතට දුන්න තඩිම තඩි සුස්තියක්/ජෝ/blunt එකක්, බලාගෙන ගහපන් ඔය KG අහ්හ් කියල,මමත් අම්ම ඔයා දෙයියෙක් නේ කියල උට පුළුවන් තරම් තෑන්ක් යු කියල පිටත් කරා.මම ඉතින් සුස්ති රාජයාත් අරගෙන මේ වෙනකොට සිහියෙන් හිටපු ටික දෙනාත් එකතුකරගෙන පිට්ටනියේ අයිනේ රවුමක් හැදිලා වාඩිවුනා.අපි පස් දෙනයි මේ වෙනකොට අමාරුවෙන් හරි මේක ගහන්න හිටියේ.අපිත් එක්ක හිටියා හෙන චේන් පැනපු පොරක් උට යකා කියල කියන්නේ මම උට දුන්න සුබ මොහොතින් පත්තු කරපන් ජෝ එක කියල,මූ එක පත්තු කරලා පාරවල් 3 විතර ඇද්ද.ඔහොම වටේ යවල සුස්තියත් ගහල ඉවර උනා.පස් දෙනාම සද්දයක් නැහැ,මම අනිත් උන් හිටපු තැනට ගියා පට්ට තිබහක් හැදිල.ඔහොම ටික වෙලාවක් ගියා.... කට්ටිය තැනින් තැන ලාවට සින්දු කියනවා ,ගොඩක් උන් වැටිලා,නින්ද ගිහින් මම අපේ කට්ටියත් කයියක් ගහන් ඉන්නකොට අර යකා කියල කියපු ඩයල් එකගෙන් කෝල් එකක් එනවා.මාත් phone එක ආන්සර් කරා..හෙලෝ,මම උඩ ගියා යකා phone එකෙන් බෙරිහන් දෙනවා අඩෝ අසමත්ජාතියා මාව බේරගනින් මාව ගහගෙන යනවා බන්,ඉක්මනට වරෙන් බන්.මම ඇහුව කොහෙද යකෝ උඹ ඉන්නේ කියල, මේ ඇල ළඟ ඉන්නේ ඉක්මනට වරෙන් කියල.කෝල් එකත් කට් කරා,මට වෙරි හිඳුන කොහෙද ඇලක් තියෙන්නේ මේක අස්සේ,

මම අපේ සෙට් එක ගාවට ගිහින් අඩෝ යකාව දැක්කද කියල ඇහුව එකෙක් කිව්වා පොර car පාර්ක් එක පැත්තට ගියා කියල.මම කට්ටියව ඇදගෙන car පාර්ක් එකට ගියා.car පාර්ක් එකේ කොනේ කාණුවක් තියනවා.ඔය කාණුව ළඟ පේලියට බෙන්ච් හදල තියනව.අපි දැකපු දර්ශනෙන් කට්ටියට සඳ මෝල් උනා,මට විනාඩි 5 විතර එකදිගට හිනා ගියා,කඳුලූත් ආව.අපි යද්දී අරු(යකා) බෙන්ච් එක බදාගෙන කාණුවට කකුල් දෙක දාගෙන කෑගහනවා අනේ මාව බේරගනියෝ,මාව ගහගෙන යනෝ කියල...මම ලඟට ගිහින් පොරව නැගිට්ටවල බෙන්ච් එකේ වාඩිකරා.මූ තවම විකාර කියවනවා.අපිට තවම හිනා,මම ඇහුව මොකද යකෝ උනේ කියල.අඩෝ ඇලේ ගහගෙන යන්න ගියා බං වෙලාවට උඹලා ආවේ කියල.මාත් හරි හරි කියල  මුව පිට්ටනියට එක්කන් ගියා.
පිට්ටනිය අයිනේ අර pitch එක තලන ගල් රෝලක් වගේ item එකක් තිබ්බ,මූ වැනි වැනි ගිහිල්ලා ඕකේ handle එක වගේ තියන එක අත් දෙකෙන් අල්ලගෙන පොළොවට kick කරනවා,මූ හිතන්නේ දැන් bike එකක් උඩට නැගල ඉන්නවා කියල.ඌ කොල්ලෙක්ට කියනවා අඩෝ මේක neutral එකට දාලා දීපන් මට බෝඩිමට යන්න,අඩෝ......අපිට මැරෙන්න හිනා.කොහොමහරි හෙන ගේමක් දීලා මුව බෝඩිමට අරන් ගිහින් නිදි කෙරෙව්වා.පහුවදා තමයි මූ ගහගෙන යන්න ගිය සීන් එක හරියටම දැන ගත්තේ.

අපි ඔක්කොලටම වැදිලා ඉන්න වෙලාවේ මූ තනියම ගිහිල්ල අර මම කිව්ව බෙන්ච් එකකට,බෙන්ච් එකේ හාන්සිවෙලා එහෙම ඉද්දි මුගෙ ගෑනි(යක්ෂණි ) ගෙන් මුට කෝල් එකක් ඇවිල්ලා.යක්ෂණි මුගෙන් අහල යකා කොහෙද ඔයා ඉන්නේ අනේ කියල,මූ පණ්ඩිත කමට කියල අපි මේ ඇලක් ළඟ බොනවා කියල.ගෑණි මුට කියල අනේ පරිස්සමින් යක්ෂයෝ ඔයා ඇලට වැටිලා ගහගෙන ගියොත් එහෙම කියල.සුස්තියේ පවර් එක කොහොමද කියනවනම් මුටත් පොඩ්ඩ පොඩ්ඩ හිතිලා ඇත්තටම මූ ඇලක් ළඟ ඉන්නේ කියල.බය උන පාරට මූ බෙන්ච් එක පල්ලේ වැටිලා.ඔන්න ඔහොමයි වැඩේ වෙලා තියෙන්න.පිස්සු හැදෙනවා....පොර තවමත් එහෙම මයි..පිස්සුම තමයි..

9 comments:

  1. උඹ දන්නවද මං දවසක් වතුර බොන කෝප්පෙට බත් බෙදුවා

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම ද ?? බලන් යද්දී හැමෝම එහෙම තමා එහෙනම්...:D :D

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මට චුටි ඇල පාරක තිබිලා රත්තරං හම්බ වුනා..අපේ යාලුවෝ ඒ රත්තරං ටික ගොඩ දා ගන්න දුන්නෙ නෑ බෝඩිමට අරන් ගිහින් නිදි කෙරෙව්වා..

    ReplyDelete
    Replies
    1. හි හි...යාලුවෝ ටිකට වැදිලා හිටියේ නැද්ද ඒ වෙලාවේ ?? අපරාදේ සෙට් එකටම එකතු වෙලා ගොඩ දාන්න තිබ්බේ...බොහොම ස්තුතියි මේ පැත්තට ආවට..

      Delete
  4. හොද වෙලාවට අපි ඕවට නැත්තේ..

    ReplyDelete
    Replies
    1. මේවට නැති එක කොහොමත් ඇඟට හොඳයි....

      Delete
  5. අදයි මේ පැත්තට අාවේ... මාතාගේ සින්ඩිය තමයි පාර කිව්වේ.... ළගදී නේද මේ අසමජ්ජාති වැඩේ පටං ගත්තේ... අැදලා යන හැඩයි ... දිගට ම ලියමු... අපි ඉන්නවා සහයට............... ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. අසමත්ජාතිය වැඩ නම් සැහෙන කාලෙක ඉඳන් කරනවා, ලඟදි තමයි ඒ ගැන ලියන්න ගත්තේ...බොහොම ස්තුතියි මේ පැත්තට ආවට...

      Delete